අසැබි වෙබ්අඩවි බලනවාද? එසේනම් ඔබේ ආරක්ෂාව අවධානමේ! සියළු තොරතුරු මෙන්න!

2067

ලෝ ප්‍රකට කාමෝද්දීපන වැඩිහිටි වෙබ් අඩවියක්වන PornHub අඩවියට පිවිසුණු මිලියන ගණනක් වූ පිරිසකගේ පරිගණක තුළට පරිගණක වෛරසයක් ඇතුළු වී ඇති බව වාර්තා වෙනවා.

“මැල්වෙයා” ගණයේ අහිතකර මෘදුකාංග මෙවලමක්වන මේ පිළිබඳව පරිගණක ආරක්ෂන විශේෂඥයින් ද අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා.

PornHub අඩවිය හරහා පරිගණක තුළට හොර රහසේ ඇතුළුවන මෙම වෛරසය ඉන් පසුව ක්‍රියාත්මක වී තවත් අහිතකර මෙවලම් භාගත කරගැනීම සිදුකරන බවයි හෙළි වී තිබෙනවා.

Chrome හෝ Firefox වෙබ් බ්‍රවුසර යාවත් කාලීන කරන මුවාවෙන් එය සිදුකරගන්නා නිසා පරිගණකයේ හිමිකරුවන් හට එය නොවැටහෙන බව ද විශේෂඥයින් සඳහන් කරනවා.

විශේෂඥ කණ්ඩායම්වල අනතුරු ඇඟවීම්වලින් පසුව සිය වෙබ් අඩවියට ඇතුළු වී ඇති මෙම වෛරසය ඉවත් කිරීමට PornHub කාර්ය මණ්ඩලයේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් එය සාර්තක වූවා ද නැද්ද යන්න පිළිබඳව තවමත් සඳහනක් නැහැ.

වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි හරහා මෙවැනි පරිගණක වෛරස පැතිර ගිය මුල් අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ද ප්‍රධාන ධාරාවේ කාමෝද්දීපන වෙබ් අඩවිවලට පිවිසෙන්නන් හට දරුණු පරිගණක වෛරස ආසාදනයන්ට ලක්වීමට සිදු වුණා.

කාම වෙබ් අඩවි හරහා වෛරස මුදා හැරීම, මෙම වෛරස නිර්මාණය කරන්නන් සහ ඒ හරහා අනිසි ලෙස මුදල් ඉපයීම සිදු කරන පුද්ගලයින්ට තම අරමුණු ඉටු කර ගැනීමට පහසු කාර්යයක් බවට පත්ව ඇත්තේ කාම වෙබ් අඩවි යනු ලොව පුරා විශාල පිරිසකගේ අවධානය යොමු වූ වෙබ් අඩවි වර්ගයක්වන නිසා බව පරිගණක විශේෂඥයින් පවසනවා.

ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක මෙන්ම ස්මාර්ට් ජංගම දුරකතනවලට ද මෙහි අනධානම එක ලෙස බලපාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බොහො විට මෙවැනි අහිතකර මෘදුකාංග මෙවලම් හරහා පරිශීලකයින්ගේ අතිශය පුද්ගලික තොරතුරු පවා පිටතට යාමේ දැඩි ඉඩකඩක් පවතිනවා.