නවතම වෛරසයක් නිසා මෙරට ජංගම දුරකතන අවදානමේ – විශේෂ දැනුම්දීම මෙන්න

178

මේවන විට ලොව පුරා පැතිරයන රැන්සම්වෙයාර් වර්ගයේ වෛරසයක බලපෑම මෙරට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට ද එල්ල වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවධානයකින් පසුවන ලෙසයි.

රැන්සම්වෙයාර් නමින් හඳුන්වන්නේ පරිගණකයක හෝ ජංගම මෙවලමක ඇති ගොණු අගුලු ලෑමෙන් හෝ විකෘති කිරීමෙන් එය තුළට පිවිසීම අවහිර කරමින්, එය නැවත නිදහස් කිරීමට කප්පම් මුදල් ඉල්ලා සිටින පරිගණක වෛරස වර්ගයක් වන අතර රැන්සම්වෙයාර් පරිගණක වෛරස මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති නිසා ඒ පිලිබඳව සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිගණක රැන්සම්වෙයාර් ප්‍රහාරයන්ට විවිධ අවස්ථාවලදී ගොදුරු වූවා.