Facebook ජාලය බිඳවැටෙයි

378

Facebook සමාජ ජාලය මීට සුළු මොහොතකට පෙර බිඳවැටීමකට ලක්ව තිබෙනවා.

ලොව පුරා ෆේස්බුක් පරිශීලකයින් මේවන විට වෙනත් සමාජ ජාල හරහා මෙම බිඳවැටීම පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් පවතිනවා.

මෙම තත්ත්වය බොහෝ සෙයින් බලපා ඇත්තේ පරිගණක හරහා ෆේස්බුක් වෙත පිවිසෙන්නන් හටයි.

මෙම බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ෆේස්බුක් සමාගමෙන් ද මේවන තෙක් කිසිවක් සඳහන් කර නැහැ.