බංගලාදේශයට එරෙහිව ඉතිහාසයේ දරුණුම පරාජය.

16

අසියානු කුසලාන එක්දින තරගාවලිය  ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 127ක දරුණු පරාජයක් හිමිවුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගයේ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 261ක් රැස් කිරීමට සමත්වුණා. අසිරු තත්ත්වයක සිටි බංග්ලාදෙශ කණ්ඩායමේ වගකීම භාරගත් මුෂ්ෆිකාර් රහීම් පන්දු 150 කදී ලකුණු 144 ක් රැස් කළා.

කලකට පසුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වූ ලසිත් මාලිංග පන්දුවෙන් දක්ෂතා දක්වමින් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 23ට කඩුලු 4 ක් දවා ගැනිමට සමත්වුණා.

ලකුණු 262 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124 ක් පමණයි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඩිල්රුවන් පෙරේරා ලකුණු 29ක් රැස්කළා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහර දීමේ දුර්වලතා මෙන්ම, පන්දු රැකීමේදී උඩපන්දු කීපයක්ම අතහැරීම විශේෂයෙන් කැපී පෙණුන අතර, ආරම්භයේදි ඉතාම අසීරු අඩියක සිටි බංගලාදේශ කණ්ඩායම, ඒ නිසාම ක්‍රම ක්‍රමයෙන් සිය ඉණිම ගොඩනගමින් ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත් වුණා.