ආසියානු දැල්පන්දු අවසන් තරඟය අද ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර.

11

ආසියානු දැල්පන්දු තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම 09 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ හොංකොං දේශය සමග ඊයේ (08 දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 55-46ක් ලෙස ජයගනිමින්.

ඒ අනුව අද (09දා) අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල්හිදී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත්තා.

එසේම, අනෙක් අවසන් පූර්ව තරගයෙන් මැලේසියාව ලකුණු 51-43ක් වශයෙන් පරදවමින් සත්කාරක සිංගප්පූරුව දැල්පන්දු ලෝක කුසලාන තරඟයට සුදුසුකම් ලබාගත්තා.