වසරක් තිස්සේ පියාගෙන් දූෂණය වූ සිසුවිය කුඩම්මා සමග පොලීසියට

484

වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක් වන තම වැඩිමහල් දියණිය දුෂණය කළ බව කියන 37 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බත්තුළුඔය පදිංචි සිව් දරු පියෙක්.

සැකකරුගේ බිරිද දරුවන් කුඩා කාලයේදීම ඔහු අතහැර ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිමහල් දියණිය හැර සෙසු දරුවන් ඔහුගේ ඥාතීන් බාරයේ සිට තිබෙනවා.

සැකකරු මීට වසරකට පමණ පෙර දිනක ප්‍රථම වතාවට තම දියණියව දුෂණය කර තිබෙනවා.

පියාට ඇති බිය නිසා දැරිවිය මේ බව කිසිවෙකුට පවසා නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෑතකදී සැකකරු තවත් කාන්තවක් නිවසට කැදවාගෙන පැමිණ ඇය සමග පවුල් ජීවිතයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දිනක සැකකරු අළුත ගෙනා අඹුවට සහ දියණියට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

එම පහර දීමෙන් පසුව දියණිය තමන්ට සිදුවන අතවරයන් සම්බන්ධයෙන් පියාගේ අළුත් බිරිද සමග පවසා ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම කාන්තාවගේ උපදෙස් මත දැරිවිය විසින් පියා විසින් තමන්ට සිදු කළ අතවරය සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිවිය වෛද්‍යය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.