කාන්තාවක් දුම්රිය මාර්ගයට තල්ලු කර පලාගිය හැටි (CCTV VIDEO)

585

වීඩියෝව නැරඹීමට පහළට යන්න

දුම්රිය වේදිකාවේ රැඳී සිටින කාන්තාවක් ඇය අසලින් ගමන්කරන පුද්ගලයෙකු විසින් දුම්රිය මාර්ගයට තල්ලුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං රාජ්‍යයේ දුම්රියපොලක මෙම සිදුවීම සිදුව ඇති අතර 59 හැවිරිදි කාන්තාවක් මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ පා තිබෙනවා.

අදාල කාන්තාව එම දුම්රියපොළේ සේවයකරන තැනැත්තියක් වන අතර ඇය දුම්රිය වේදිකාවේ රැඳී සිටින විට අසලින් ගමන් ගන්නා පුද්ගලයෙක් ඇයව දුම්රිය මාර්ගයට තල්ලුකර දමනවා.

එම අවස්ථාවේ ඇය දුම්රිය මාර්ගයට ඇද වැටෙන අතර එහිදී ඇයගේ හකු ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබෙනවා.

56 හැවිරිදි පුද්ගලයෙක් අදාල කාන්තාව දුම්රිය මාර්ගයට තල්ලුකර පලාගොස් ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම දුම්රිය ස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවල සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.