නිදාසිටි හොඳම මිතුරා හුස්ම හිරකර මැරූ නරුමයා CCTV සාක්ෂියෙන් හසුවෙයි (VIDEO)

425

කෑගල්ල, බුලත්කොහුපිටිය, පරගම්මන ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක රාජකාරියේ නිරත පුද්ගලයෙකු ඉකුත් 19 වනදා සිය හොඳම මිතුරා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම වෙළඳසැලෙහි අවුරුදු 15ක් පමණ සේවය කළ සුනිමල් නමැති 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේ.

ඉකුත් 19 වනදා රජිත නමැති අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලට පැමිණ ඇත්තේ සිය හොඳම මිතුරා සමඟ රැය පහන් කිරීමේ බලපොරොතුවෙන්.

ඔවුන් දෙදෙනා එක්ව රාත්‍රී ආහාරය ද ගෙන නින්දට ගොස් ඇති අතර වැතිරී සිටි සුනිමල්ගේ ගෙල උඩ අවසන් හුස්ම හෙලනතුරු හිඳගෙන සිට පසුව සැකකරු පලාගිය බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරනය වුණේ.

ඉකුත් 21වන දින පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් මිතුරාගෙන් සොරකම් කළ රු 62,300ක මුදලක්, සොරකම් කළ මුදලින් මිලදී ගත් රුපියල්  6000ක පමණ රිදී අත් පළඳනාවක්  සහ රුපියල් 12000 වටිනා ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම වෙළඳසැලෙහි තිබූ CCTV දර්ශන ඇසුරෙන් පොලිසිය පරීක්ෂණ පැවැත්වූ අතර සැකකරු පසුගිය 19 වනදා රාත්‍රීයේ වෙළඳසැලට ඇතුලු වී පසුදා අලුයම 3ට පමණ ඉන් පිටතට ගිය බවත් එහි සටහන්ව තිබුණා.

සැකකරු කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් යුරේකා විමලජීව හමුවට ඉදිරිපත් කරීමෙන අනතුරුව ලබන 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ රත්‍රං බඩු අළෙවිසැලක් බිඳ රුපියල් දෙකෝටියක් ඉක්මවූ භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට තවත් නඩුවක් ඇති බවයි එහිදී අනාවරනය වුණේ.