අත්භූත මමියක් මතුවී නගරයක් භීතියෙන් ඇළලෙයි (PHOTOS)

501

ඡායාරූප සඳහා පහළට යන්න

පසුගිය දවසක උදා වුණු කාර්ය බහුල උදෑසනක එංගලන්තයේ බ්‍රිස්ටල් පාලම අසළින් එදිනෙදා වැඩකටයුතුවලට සුපුරුදු ලෙස ගමන් ගත් පිරිසට අහම්බෙන් වගේ දක්නට ලැබුණේ බොහොම අමුතු දර්ශනයක්.

පාළමේ පාදම කොණකට හේත්තු වී තිබු තෙත බරිත වුණු මිනිස් සිරුරක භයානක දසුනයි ඒ.

මේ දර්ශනය දුටු බොහෝ පිරිසක් ගොඩක් කලබලයට පත්වුණා. විනාඩි ගණනක් ඇතුලත මේ මිනිස් සිරුරේ ඡායාරූප ෆේස්බුක්, ට්විට්ර් වගේ සමාජ ජාල තුළ වේගයෙන් සංසරණය වෙන්න පටන් ගත්තා.

ටිකක් විමසිල්ලෙන් බැලූ විට මේ මිනිස් සිරුරේ පෙනෙන්නට තිබුණේ පැරණි ඊජිප්තු මමියක ස්වරූපයක්.

කොහොම වුණත් සියල්ල හෙළි වුණේ බළධාරීන් ඇවිත් මේ සිරුර ගැන පරීක්ෂා කරද්දී.

ඇත්ත මළ සිරුරක් වගේම පෙනුනත් ඒක එහෙම නොවන බවත්, මේක කලා නිර්මාණයක් ආකාරයෙන් සැකසූ ව්‍යාජ මමියක් බවත් අනාවරණය වුණා.

කොහොම වුණත් විනාඩි ගණනාවක් නගර වැසියන් භීතියට පත් කරපු මේ මමිය නිර්මාණය කළේ කවුරුන්ද යන්න පිළිබඳව නම් මේවන විටත් සොයාගෙන නැහැ.

ඡායාරූප පහතින්