කොටදෙණියාවේ සේයාට මහ රෑ කළ දේ තවත් දැරියකට කරන්න යද්දී හසුවෙයි

630

රාත්‍රි 10ට පමණ නිවෙසට ඇතුළු වූ කාමාතුරයකු මව සමඟ නිදා සිටි වයස අවුරුදු 10ක දැරියක් නිරුවත්කොට නිවෙසින් බැහැරට රැගෙන යෑමේ සිදුවීමක් දැරියගේ නුවණ නිසා ව්‍යර්ථ වී තිබූ අතර එමඟින් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබිණි.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය කනදුල්ල නගර සභා සේවක නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.

සැකකරු රාත්‍රි 10ට පමණ රහසිගතව නිවෙසට ඇතුළුවී බිම ඇතිරූ මෙට්ටයක් මත මව සමඟ නිදා සිටියදී දැරිය හැඳ සිටි ඇඳුම ගැලවීමට උත්සාහ කිරීමේදී දැරිය නින්දෙන් නැඟිට බියෙන් කෑ ගැසීමට උත්සාහ කිරීමේදී සැකකරු ගෙල ප්‍රදේශයට පිහියක් තබා දැරිය නිරුවත්කොට නිවෙසින් එළියට එන ලෙසට බලපෑම් කර ඇත. එහිදී දැරිය එළියට යන අතරමඟ මවගේ පය පාගමින් පයින් ගසමින් මව නින්දෙන් අවදි කිරීමට සමත් වීම නිසා සිදුවීමට ගිය විපතකින් ගැලවීමට හැකිව ඇති බව පොලිසිය කියයි.

පසුව මවගේ හා ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත පොලිසිය අදාළ ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වින්දිත දැරිය වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇත.