සැමියා බිරිඳට පෙට්‍රල් දමා ගිනි තබලා

145
Representative Image

සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් දරුණු තුවාල ලැබූ බිරිඳක් සති 3ක කාලයක් අසාධ්‍ය තත්ත්වයේ සිට මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මියගොස් තිබෙනවා.

මෙසේ මරණයට පත්ව තිබෙන්නේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මූර්ති ලෝගේස්වරී නමැති 34 හැවිරිදි දෙදරු මවක්.

ඇගේ සැමියාවන ජූඩ් කුමාර නමැති 41 හැවිරිදි පුද්ගලයා විසින් ඉකුත් 30 වැනිදා ඇයට මෙලෙස පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඇතිවු සිද්ධියක් මුල්කරගෙන මෙය සිදුකර ඇති බව ද සිරුරට ගිනි ඇවිලී දැඩි පිලිස්සුම් තුවාල ලැබූ දිනම ඇය මීගමුව දිස්ත්‍රික් රෝහල ඇතුළත් කළ බව ද සඳහන්.

වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඔ ජාතික රෝහලට මාරුකර පසුව තරමක සුවයක් ලැබූ පසු ඇය සිය නිවස වෙත රැගෙනවිත් සිටියදී රෝගී තත්වය උස්සන්නවූ බැවින් නැවතත් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වෙනවා.

සති තුනකට ආසන්න කාලයක් දැඩි වේදනා විඳ ඇය එම රෝහලේදී මියගොස් තිබුණා.

මෙම පුද්ගලයා බිරිඳව ඝාතනය කිරීමේ උවමනාව මත පෙට්‍රල් ගෙනැවිත් නිවසේ තබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.