ගෙදරට බොරු කියා යාළුවට ඇප දෙන්න ගිහින් උසාවියේදී ඇද වැටී මරුට

270
Representative Image

හෘද රෝග සායනයට බදුරලිය රෝහලට යන බව නිවෙසට කියා තම හිතවතකුට ඇප දීමට මතුගම උසාවියට පැමිණ සිටි 74 හැවිරිදි සිවුදරු පියකු උසාවි බිමේ ඇදවැටී මියගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි.

බදුරලිය හැඩිගල්ල සමන්පුර පදිංචි ප්‍රේමසිරි වීරසිංහ නමැති අයකු මෙසේ මරණයට පත්ව ඇත. රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයකුට ඇප දීම සඳහා උසාවියේ රැඳී සිටියදී ඇදවැටී ඇති මෙම පුද්ගලයා වහාම 1990 ගිලන් රථයකින් මතුගම රෝහලට රැගෙන ගොස් ඇත.

රෝහල් ගත කරන විටද මොහු මියගොස් ඇති බව මතුගම රෝහල් ප්‍රකාශයකු කීවේය.