මහින්ද මෛත්‍රී පාර්ශව ඡන්දයේදී එකතුවීමට සාකච්ඡා ඇරඹෙයි (VIDEO)

61
(File)

වීඩියෝව සඳහා පහළට යන්න

මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේ දී එකට එක්වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවා.

ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට අද (21) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂ නොමැති නිදහස් පක්ෂය පාළු බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.

වෙන් වී සිටින නිදහස් පක්ෂයේ පාර්ශව දෙක යලි එකතු කරන ඓතිහාසික මොහොත ලබන මැතිවරණයේ දී එළඹෙන බවට මුතුහෙට්ටිගම මහතා අවධාරණය කළා.

ඒ පිළිබඳව සැකයක් නොමැති බවටත් ඕනෑ නම් ඒ පිළිබඳව ඔට්ටුවක් ඇල්ලීමට පවා තමා සූදානම් බවටත් ඔහු පැවසුවා.

දෙපාර්ශවය එකතු වීම පිළිබඳව පක්ෂයේ ඡ්‍යෙෂ්ඨයින් අතර සාකච්ඡා ඇරඹී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළා.