පළාත් පනතට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි

209

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සම්මත විය යුතු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන පනත් තුන අදට යෙදෙන විශේෂ පාර්ලිම්න්තු දිනයේ දී ඉදිරිපත් කිරීමටත්, ඔක්තෝබර් 09 වැනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා මෙම පනත් තුන සම්මත කරගැනීමටත් රජය එකඟ වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණය ඉක්මන් විය යුතු යැයි තම පක්ෂය විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළා.

මේ නිසා පළාත් සභා ඡන්දය ගැන නොසිතා පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එකඟව ඡන්දය දුන් බව යි දිසානායක මහතා පෙන්වා දුන්නේ.

මේ සංශෝධනවලට ජවිපෙ එකඟ නිසා ඡන්දය ලබා දුන් බවත් තෙවන වර කියවීම සඳහා (සංශෝධන සඳහා) පක්‍ෂව ඡන්ද 159ක් ලැබුණු අතර ජවිපෙ මන්තී‍්‍රවරුන් 06 දෙනාගේ ඡන්ද නොමැති වුණත් සංශෝධන 2/3න් සම්මත වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

රාජපක්‍ෂ කණ්ඩායමේ 37 දෙනා විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර දෙවන වර කියවීමේදී විරුද්ධව ඡන්දය පාවිච්චි කළ 07 දෙනෙක් තෙවන වර කියවීමේදී විරුද්ධව ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ නොසිටි බව ද කී ජවිපෙ නායකයා, පළාත් තුනක ඡන්දයක් පැවැත්වීම වෙනුවට මුළු රටේම පළාත් පාලන ඡන්දය පැවැත්වීම අවශ්‍ය බැවින් තම කණ්ඩායම මෙම තීරණය ගත් බව ද ප්‍රකාශ කළා.