මැතිවරණ කොමිසම අද රැස්වෙයි

52

මැතිවරණ කොමිසම අද එහි සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම් කාර්යාලයේදියි. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කෙරුණු මෙම කොමිසමේ අනෙකුත් සාමාජිකයන් ලෙස එන්.එන්.ජේ. අබේසේකර සහ එස්.ආර්.එච්. හූල් කටයුතු කරනවා.