නව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

52

ඔස්ටින් ප්‍රනාන්දු නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පත්කර තිබෙනවා.

හිටපු ජනපති ලේකම් පි.බී. අබේකෝන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග  ජනපති ලේකම් තනතුර හිස් වූ අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඔස්ටින් ප්‍රනාන්දු නම් කරනු ලැබුවා.

ඔස්ටින් ප්‍රනාන්දු මීට පෙර කටයුතු කළේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයකු ද වන  ඔහු  අමාත්‍යංශ කිහිපයක ලේකම්ධූරයන් දරා තිබෙනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ද වන ඔහු විශිෂ්ඨ පරිපාලන නිලධාරියකු ලෙසයි හැඳින්වෙන්නේ.