රටේ ඉදිරිය ගැන අභියෝගය අප සතුයි

79

රට ඉදිරියට ගෙන යාමේ අභියෝගයේ වගකීම මේ වනවිට පැවරී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ ඔක්තෝම්බර් විප්ලවයේ සියවස් සමරුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සතුරා දුබල වී ඇති බැවින් පක්ෂයට එරෙහිව අවලාද නැගීම උත්සන්න කර ඇති බවයි.

රට ගොඩනැගීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බවද ඔහු සඳහන් කළා.