ෆ්‍රයිඩ් රයිස් දුන්නෙ නෑ කියා 8වසර දරුවෙක් ගෙල වැලලාගනී

666

ගාල්ල, හිනිදුම, ඕපාත ප්‍රදේශයේදී අවුරුදු 12ක දරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඕපාත මහා විද්‍යාලයේ 8වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

පසුගිය 27 වනදා උදෑසන මෙම දරුවා සිය පියා සමඟ හිනිදුම නගරයට ගොස් ඇති අතර නැවත පැමිණෙන විටදී ෆයිඩ්රයිස් එකක් ගෙන දෙන ලෙස පියාගෙන් ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේ පියා විසින් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නිවසට පැමිණි පසු එම දරුවා මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ පවුලේ සියලු දෙනා නිවසේ සිට ඇති අතර ඔහු කිසිවෙකුට නොදන්වා නිවස පිටුපස තිබූ මඩුවක ගෙල වැලලාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම දරුවාට අවුරුදු 11ක් පමණ වයසැති බාල සහෝදරයෙකුද සිටිනවා.

දරුවාගේ මරණ පරික්ෂණය ඉකුත් 28 වනදා ගාල්ල, කරාපිටිය රෝහලේදී පවත්වා ඇති අතර එහිදී අනාවරනය වුණේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.