හවුල් ආණ්ඩුවෙන් ඉවත් වන්න තීරණාත්මක සාකච්ඡාවක්.

9

වත්මන් හවුල් ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේද සහභාගීත්වයෙන් මේ සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම සාකච්චාව සදහා 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද සම්බන්ධ වීමට නියමිතයි.

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට 16 කණ්ඩායම විසින් ඉදිරිපති කර ඇති යෝජනාව ගැන මෙහිදී තීරණාත්මක ලෙස සාකච්චා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ්.

මෙම සාකච්චාවේදී ගන්නා තීරණ මීලග පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බවද ආරංචි මාර්ග පවසනවා.