රවීට නැවතත් කැපිල්ලක්.

6

එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීම ගැන ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක්ම විරෝධය දක්වා ඇති බව ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙසේ විරෝධය දක්වා ඇති ඇමතිවරුන් අතර එජාප ඇමතිවරුන්ද වන බවයි.

රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබෙන්නේ යයි සිරිකොතේදී පැවති එජාප 72 වැනි සංවත්සරය අවස්ථාවේදී අදහස් පලවීමෙන් පසුවයි මෙම විරෝධය එල්ල වී ඇත්තේ.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් නැවත ලබා දීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැති බවයි.