මෛත්‍රි – ගොඨා ඝාතන තැත ගැන පරීක්ෂණ ඇරඹෙයි.

12

තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීයි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

එසේම මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන බවත් ජනපතිවරයා සඳහන් කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළා.
දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා 12දා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනුයි මෙම චෝදනාව කළේ.  මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියා.