ජී.එල්. ගෙන් මානව හිමිකම් පෙත්සමක්.

3

ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන්  සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසුවා.

අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතීඥයින් කණ්ඩායමකට  ලිපි ලේඛන බාර දුන් බවත්,ඒ අනුව ඉතා ඉක්මනින් නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මැතිවරණ කල්දැමීම ගැන පසුගිය දින කිහිපයේ තමන් ජාත්‍යන්තර විද්වතුන් දැනුම්වත් කළ බවත්, ඒ සම්බන්ධව ඔවුන් විමතියට පත්වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මෙම අදහස් පළකළේ.