චතුර සේනාරත්නගේ මගුල් දා කතාව මෙන්න. (VIDEO)

38

ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට සමාජ ජාලාවන්හි දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම මෙන්ම ඊට වැය කරන ලද අධික වියදමද මීට හේතුවී තිබෙනවා.

කෙසේ වෙතත් මංගල උත්සව සභාව අමතමින් චතුර සේනාරත්න මහතා එම චෝදනාවන්ට එහිදීම පිලිතුරු දුන්නා.

අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට සිදු වූයේ නැකත යෙදී තිබූ වේලාවට වෙනත් ශාලාවක් සොයාගත නොහැකි වූ නිසා බවත් එය ලබා දුන්නේ අගමැතිවරයා විසින් බවත් ඔහු සදහන් කලා.

එසේම මංගල උත්සවය සදහා වූ සියළු වියදම් තම හිතමිතුරන් විසින් දරන ලද බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සමාජ ජාලයන් තුළ එම කතාව සම්බන්ධයෙනුත් විවේචන එල්ල වෙමින් පවතිනවා.

චතුර සේනාරත්නගේ මගුල්දා කතාව ඔබත් නරඹන්න.https://www.facebook.com/officialchathurasenaratne/videos/2191753014446312/