ගිං – නිල්වලා ව්‍යාපෘතියෙන් දෙවන වරටත් ගැරිල්ලක්.

18

නිල්වලා – ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගමකින් ඩොලර් මිලියන 30ක හෙවත් රුපියල් මිලියන 4800ක අල්ලසක් ලබා ගැනීමට තැත්කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදේශකවරයකු හා ඔහුගේ ඥාති පුත්‍රයෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

හිටපු ලේකම්වරයකුවූ මෙම උපදේශකවරයා, ඉහත මුදලින් ඩොලර් මිලියන පහක් මුලින් ලබාදෙන ලෙසටත් ඉතිරි ඩොලර් මිලියන 25 ක මුදල සිංගප්පූරුවේ බැංකුවක තැන්පත් කරන ලෙසටත් අදාළ විදේශ සමාගම සමග එකඟ වී සිටි බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

නිල්වලා – ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ පත්‍රිකාව මෙම උපදේශකයා මාස 3 කට අධික කාලයක් තිස්සේ ඉදිරිපත් කිරීමට ඉඩදී නොමැති බවද පැවසෙනවා.

මීට පෙර පසුගිය රජය කාලයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුල්ගල් තබා මිලියන 400 ක මුදලක් වෙන්කර තිබුණද එම මුදලට සිදුවූ දෙයක් නොමැති බවද වාර්තා වනවා.

දෙවැනි වතාවට වත්මන් රජය මගින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් මාස 4 ක කාලයක් තිස්සේ එම පත්‍රිකාව ඉදිරිපත් කර නොමැති බවද අනාවරණය වී තිබෙනවා.

(ඉරිදා ලංකාදීප ඇසුරෙන්)