කීත් නොයාර් පැරගෙන යාමට වගකිවයුත්තේ ආණ්ඩුවේ ප්‍රබලයෙක් – ඒකාබද්ධ විපක්ෂය.

7

මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබලයෙකු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරනවා.

ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කීති නොයාර් පැහැරගෙන ගොස් පහරදීමට සම්බන්ධ අය පෙන්නුම් කරන සාක්ෂි සියල්ල මඟහරිමින්, එයද රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැර කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම, නොයාර් මහතාව බේරා ගැනීමට විවිධ පුද්ගලයන් අතර හුවමාරු වූවා යැයි කියන දුරකථන ඇමතුම් ගැන විමර්ශනය කරමින්,  ඉතා වංක ආකාරයට අවධානය වෙනතකට යොමු කිරීමට පොලීසිය උත්සාහ දරමින් සිටින බවත් මෙම නිවේදනයේ සඳහන් වනවා..

කීත් නොයාර් මහතා 2008 මැයි 11 ‍වෙනිදා ලියූ ලිපියත්, එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකු වූ ජෝසප් මයිකල් පෙරේරා මහතා 2008 ජුලි 8 වන දා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් ඔස්සේ විමර්ශනය කරන මෙන් ඒකාබද්ධ විපක්ෂය මෙම නිවේදනය මගින් පොලීසියෙන් ඉල්ලා සිටිනවා.

කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.