කරුණා අම්මාන් නිදහස්

249

නිතිපති උපදෙස් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් අද (30) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතාට (කරුණා අම්මාන්) එරෙහිව ගොණු කර තිබූ නඩුවෙන් මුදා හරිනු ලැබීය.

නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් මෙම නඩුව පනවා තිබුණි.

2010.10.28 වැනි දින මෙම ජිප් රථය මඩකලපුව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.