න්‍යශ්ටික උණුසුම මැද ඇමරිකා ආරක්ෂක ලේකම් කොරියානු දේශසීමාවට

176

න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ උතුරු කොරියාවක් ඇමරිකාව කිසිදා පිලිනොගන්නා බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැතිස් ප්‍රකාශ කළා.

ආසියානු සංචාරයක නිරත වන ඔහු අද දකුණු කොරියාවේ සෝල් නුවරදී මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කලාපය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ඇමරිකානු සන්නද්ධ බලය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, ඔහු වැඩිදුරටත් සදහන් කළා.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඊයේ උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් වෙන් කෙරෙන දේශසීමා ප්‍රදේශයේ ද සංචාරයක නිරත වුණා.