බස් රියක් ගඟට පෙරළී 31ක් මරුට

470

නේපාලයේ – කත්මන්ඩු අගනුවර ආසන්නයේදී මගීන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංඟාවකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කත්මන්ඩු නුවර සහ දකුණු දිග තැනිතලා ප්‍රදේශය යා කරන මහා මාර්ගයේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ජලයට වැටුණු බස් රථයේ සිටි තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, බස් රථය තුළ තවත් පිරිසක් සිරවී ඇත්දැයි පරික්ෂාවට ලක්වනවා.

දකුණුදිග තැනිතලා ප්‍රදේශයේ රාජ්බිරාජ් හි හින්දු ආගමික උත්සවයකට සහභාගිවී සිකුරාදා රාත්‍රියේ නික්මුණු බස් රථය ඊයේ මෙලෙස අනතුරට ලක්ව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.