නිරුවතින් රඟපෑවේ ඇයි? රිතිකා කෙලින් කතාකරයි (VIDEO)

1524

චිත්‍රපටය සඳහා පහළට යන්න

නැගී එන නිළිය සම්මානය ලැබීම ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම සතුටුයි.

ඇගේ ඇස අග චිත්‍රපටයට සම්බන්ධවෙනකොට සම්මානයක්‌ ලැබේවි කියලා හිතුවාද?

සම්මානයක්‌ ගැන අදහසක්‌ තිබුණේ නැහැ. හැබැයි ලැබුණ ගෞරවය ගැන සතුටුයි.

එදා භාරගත්තු අභියෝගය ගැන අද වෙනකොට ඔබ මොකද හිතන්නේ ?

එදා අද කියලා දෙයක්‌ නැහැ, මම ගත්තේ හරි තීරණයක්‌.

නැගී එන නිළිය සම්මානය ලැබුණාට ඔබව ඇගේ ඇස අග චිත්‍රපටයෙන් පසුව දකින්න ලැබුණේ නැහැනේ ?

ඔව්. මට හදිසියක්‌ නැහැ. හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් ඒa එක්‌කම මම ඒකට කැමැති නම් ඊට දායකවෙනවා.

සිනමාවේ දිගටම රැඳෙන්න අදහසක්‌ නැතිද?

එහෙම අදහසක්‌ නැහැ. මම හැබැයි මම කැමැති චිත්‍රපටයක්‌ ලැබුණොත් ඊට දායකවෙනවා.

සම්මානයක්‌ ලැබීම ගැන අධ්‍යක්‍ෂවරයා මොනවාද කිව්වේ ?

සාමාන්‍ය විදිහට අතට අත දීලා සුභපැතුවා.

සිනමාවට ආරාධනා නොලැබීම ගැන දුකක්‌ නැතිද?

අනේ නැහැ. මට නිර්මාණ කිහිපයකට කතා කළා. හැබැයි මම කැමැතිවුණේ නැහැ. හදිසියක්‌ නැහැනේ. ජීවිතය තව දුරයි. හෙමින් ගියොත් දිගු ගමනක්‌ යන්න පුළුවන්.

ඔබ ටිකක්‌ වෙනස්‌ විදිහට හිතන කෙනෙක්‌ කියලා ගොඩක්‌ දෙනෙක්‌ කියනවා ?

ඔව්. මම ජීවිතය වෙනස්‌ විදිහට හිතන්න දකින්න කැමැති චරිතයක්‌.

පෞද්ගලිකත්වය මාධ්‍යයට කියන්න කැමැති නැතිද?

පෞද්ගලික ජීවිතය මගේ. ඒක මගේ ළඟ තිබුණාවේ.

සම්මානයක්‌ ලැබුණාට පසුව ඔබ කවුද මොනවාද කරන්නේ කියලා මිනිස්‌සු අහනවා. ඒකට දෙන උත්තරය මොකක්‌ද?

මම රිතිකා කොඩිතුවක්‌කු. ඇගේ ඇස අග තුළින් තමයි මාව දකින්නේ. මම කැමැති නැහැ මගේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් කතා කරන්න.

පුද්ගලිකත්වය වුවමනාම නැහැ ?

ඔව්. අවශ්‍යම නැහැ.

නිර්මාණයට සාධාරණයක්‌ කළා කියලා හිතනවාද?

ඒක තීරණය කරන්න ඕනෑ මම නෙවෙයි. මේ නිර්මාණය බලන මිනිස්‌සු.

රිතිකා කොඩිතුවක්‌කු කියන්නේ නිහඬ චරිතයක්‌ද?

මම මුලින්ම කිව්වා මගේ මට කිසිම හදිසියක්‌ නැහැ. ඉදිරියේදී බලමු.

මේ චිත්‍රපටය නිසා මිනිස්‌සු ඔබ දිහා වපර ඇසින් බැලුවානේද?

ඇත්තටම මිනිස්‌සු මං ගැන හිතන විදිහ සහ බලන විදිහ ගැන තැකීමක්‌ නැහැ. ඒ ගැන වැඩක්‌ම නැහැ. හිතන්නෙත් නැහැ.

නිරුවත් දර්ශන රඟපෑම ගැන ඔබට කෙලින් උත්තරයක්‌ දෙන්න පුළුවන්ද?

ඒ චිත්‍රපටයට අවශ්‍ය දර්ශන ඇරෙන්න අනවශ්‍ය කිසිමදෙයක්‌ ඒ පිටපතේ තිබුණේ නැහැ. ඒ දේවල් චිත්‍රපටයට අවශ්‍ය නිසයි රූගත කිරීම් කළේ. ඒකට සාධාරණයක්‌ කිරීම තමයි මට වැදගත්.

නිර්මාණයක පිටපතේ තියෙන ඕනෑම දෙයක්‌ භාරගන්නවාද?

මම මුලින්ම පිටපත බලනවා. පසුව තීරණය කරනවා ඒක කරනවාද නැතිද කියලා. එච්චරයි.

සමහර නිළියෝ නිරුවත් දර්ශන රඟපාන්න බයයි. ඔබ ආධුනික නිසාද මේ චරිතය භාරගත්තේ ?

ඔබ මීට කලින් ඇසුවා නේද සිනමාවේ සහ මාධ්‍යයේ මම නැහැ කියලා. මට ජනප්‍රියවීමේ වුවමනාවක්‌ තියෙනවා නම් මම එහෙම කරයිද?.

අද වෙනකොට ඔබට ලැබෙන ප්‍රතිචාර?

බොහොම උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. හරි සතුටුයි. පළමු චිත්‍රපටය නිසා ඒ ලැබුණ ගෞරවය ගැන සතුටුයි. මොකද ඒක සීනිබෝල චරිතයක්‌ නෙමෙයි. මම වගේ ආධුනිකයෙක්‌ව ඒ වගේ චරිතයක්‌ කරන්න පුළුවන් කියලා හිතලා නිර්මාණයට තෝරාගත්තාට අධ්‍යක්‍ෂවරයාට ස්‌තූතිවන්ත වෙන්න ඕනෑ.

ප්‍රවීණයෝ ඔබට මොනවාද කිව්වේ ?

ප්‍රවීණයෝ හරිම ආදරණීය විදිහට ඔවුන්ගේ ලෝකයේ දොරටු මට විවර කරලා දුන්නා වගේ දැනුණා.

මේ චිත්‍රපටයේ සමහර දර්ශන පසුගිය කාලේ වෙබ්අඩවිවල පළකරලා තිබුණා. මොකද ඒ වෙලාවේ හිතුණේ?

මම ඇත්තටම ගොසිප් ගැන උනන්දුවක්‌ ඇත්තෙත් නැහැ. බලන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ.