මියගිය කවීෂාගේ මතකය යළි අලුත් වෙයි (PHOTOS)

1690

ඡායාරූප නැරඹීමට පහළට යන්න

රංගන ශිල්පිනී කවීෂා අයේෂානිගේ හදිසි මරණය එවකට මහත් ආන්දෝලනයක් ගෙන දෙන සිදුවීමක් වුණා.

කවීෂා වෙන්ව ගියේ ඇයට ආදරය කල කලාකරුවන් සහ ඇයගේ රසිකයන්ගේ හදවත්වලට කඳුලක් එකතු කරමින්.

එහෙත් කාලයත් සමග කවීෂා පිළිබඳ මතකය කෙමෙන් කෙමෙන් මැකී ගියා.

කවීෂා මියගියේ 2016 ඔක්තෝම්බර් 16 වැනිදා අලුයම නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින්.

නොසිතූ මොහොතක සිදුවූ මාරක අනතුරකින් කවීෂා අයේෂානි මියගොස් ඊයේ දිනට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වුණා.

අද වැනි දිනක ජීවන ගමනින් සමුගත් කවීෂාගේ වියෝව තවමත් දැණුන, ඇයට ආදරය කල බොහොමයක් යහළුවන් ෆේස්බුක් සටහන් මෙලෙස තබා තිබුණා.

“කවීශා ඔයා අපිව දාල ගිහින් අදට හරියටම අවුරුද්දක් වෙනවා. ඒත් තාම ඔයා අපිත් එක්ක ඉන්නවා වගෙ. හැමදාමත් ඔයා අපිත් එක්ක ඉදී. ඔයාට නිවන් සුව. ආදරෙයි එදා වගේම අදත් අපි හැමෝම”