කාන්තාවන් වැඩිපුරම අතවරයට ලක්වෙන නගරය නම් කරයි

516

කාන්තාවන්ට වාසය කිරිමට ලොව අනතුරුදායකම නගරය විදියට ඊජිප්තුවේ කයිරෝ නගරය නම් කර තිබෙනවා.

ලෝකය පුරා ප‍්‍රධාන නගර 19ක කාන්තාවන් දස ලක්ෂයක් යොදාගෙන කරපු සමීක්ෂණයකට අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

අතීතයේ සිටම කයිරෝ නගරයේ කාන්තාවන් පහත් කරලා සැලකීම සම්ප‍්‍රදායක් බවත් කයිරෝ නුවර කාන්තාවන්ට මහා මාර්ගයේදී පවා හිරිහැර සිදුවන බවත් වාර්තා වෙනවා.

එමෙන්ම අධ්‍යාපනයේදී මෙන්ම මිල මුදල් භාවිතා කරද්දීත් ඔවුන්ට සීමා රැසක් පනවා තිබෙනවා.

පාකිස්ථානයේ කරච්චි, කොංගෝ රාජ්‍යයේ කින්ශාසා මෙන්ම ඉන්දියාවේ දිල්ලි නගරය ද කාන්තාවන්ට ජීවත්වෙන්න නුසුදුසු නගර ලෙස නම් කර තිබෙනවා.

මෙම සමීක්ෂණයට අනුව ලෝකයේ කාන්තාවන්ට වාසය කරන්න සුදුසුම නගර ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ සහ ප‍්‍රංශයේ පැරිස් යන නගරයි.