ලොව පුරා පිරිමින්ගේ ශුක්‍රාණු අඩු වෙයි – මිනිසුන් වඳ වී යාමේ අනතුරක්

569

පිරිමින්ගේ ශුක්‍රාණු දැනට අඩුවන වේගයෙන් අඛණ්ඩව අඩුවුවහොත් මානව සංහතිය මිහිපිටින් අතුරුදන්ව යාමේ අනතුරක් ඇතැයි  බටහිර වෛද්‍ය විශේෂඥයෙක් අධ්‍යයන වාර්තාවක් අනුව පෙන්වා දී තිබෙනවා.

විදෙස් වාර්තා අනුව අධ්‍යයනයන් 200ක් ඇසුරින් මෙම අනුමානය කර තිබෙන බව සඳහන්.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය වසර 40 ට අඩු කාලයකදී 59.3 කින් අඩුවී ඇති බව ද පර්යේෂනයට අනුව නිගමනය වී තිබෙනවා.

ශුක්‍රාණු සාන්ද්‍රණය 52.4% කින් අඩු වී ඇති බව ජර්මනියේ හෙබ්රෙව් සරසවියෙන් සොයාගෙන තිබෙනවා.

බටහිර මෙවැනි තත්වයක් ඇතත් ඇමරිකාව, ආසියාව හා අප්‍රිකාව තුළ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

එහෙත් පෙනෙන අන්දමට සංවර්ධිත ආර්ථිකයන් තුළ ශුක්‍රානු ගණනය තියුනු පහත වැටීමක් පෙන්නුම් කරනවා.

එහි පිරිමින්ගේ විශාල කොටසක් මුළුමනින්ම ශුක්‍රානු අඩු වී ඇති බවට සැකයක් නැති බවද විදෙස් වාර්තා කියා සිටිනවා.

එහෙත් ප්‍රධාන පර්යේෂක ආචාර්ය හැගායි ලෙවීන් පවසා ඇත්තේ අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තමන්ට විශාල කනස්සල්ලක් මතු වී ඇති බවයි.

එංගලන්තයේ වසංගත රෝග විද්‍යාඥ ආචාර්ය ලෙවින් පවසා ඇත්තේ, මෙම ප්‍රවනතාව දිගටම පැවතුනහොත් මිනිසුන් වඳ වී යනු ඇති බවයි.

පිරිමි ශුක්‍රාණු ගැන මෙතෙක් කරන ලද විශාලතම පර්යේෂණය හා ඇගයීම මෙය ලෙස සලකන අතර ඊට  1973 සහ 2011 යන වර්ෂ අතරදී කළ අධ්‍යයනයන 200කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිඵල යොදා ගත බව විදෙස් වාර්තාවන්හි දැක්වෙනවා.